මේ සතිය ආරම්භයේ දී රට පුරා දහවල් කාලය තුළ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීම මගින් මහජනතාවගේ දෛනික ජීවිතය යථා තත්වයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳ රජයේ ඇති අධිෂ්ඨානය සහ විශ්වාසය පිළිඹිබු වේ. රජයේ මෙම තීරණය විශේෂයෙන්ම පිළගනු ලබන්නේ සාමාන්‍ය තත්වයක් තුළ ආර්ථික හා සමාජ ගණුදෙනු මත තම ජීවනෝපායන් රදා පවතින මහජනයා විසිනි. කෙසේනමුත්, රජය විසින් ඇඳිරි නීතිය ලිහිල් කර තිබුණ ද තත්වය සියයට සියයක් සාමාන්‍ය තත්වයට පත්ව නොමැති බවත් ඇඳිරි නීතිය අඛණ්ඩව පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතා අනතුරු අඟවා තිබේ. මෙමගින් ඇඟවෙන්නේ සිය ජීවනෝපාය උපයා ගැනීමටත් සිය යැපෙන්නන්ගේ අවශ්‍යතා ඉටුකරීමටත් අපොහෙසත්ව සිටින පිරිස සඳහා අඛණ්ඩව සහන සැලසීමේ අවශ්‍යතාවයයි.

කෝවිඞ් 19 සහන වැඩපිළිවෙල සඳහා පිහිට වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සහය ඇතිව පසු ගිය මාස දෙක තුළ ශී‍්‍ර ලංකා ජාතික සාම මණ්ඩලය තවත් සිව්ල් සංවිධාන කිහිපයක් සමග ගොඩනැගුණු සිවිල් සංවිධාන සාමූහිකයක් මගින් කොවිඞ් සහන ප‍්‍රතිචාර කි‍්‍රයාත්මක කරන ලදී. ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ශී‍්‍ර ලංකා ජාතික සාම මණ්ඩලය ඇතුළු සිවිල් සමාජ සාමූහිකයට නියම කරන ලද ප‍්‍රධාන කාර්යය වූයේ ළමුන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයින්ට රැුකවරණය සපයන ආයතන වලට මානුෂීය ආධාර සැපයීම යි. ඒ අනුව ශී‍්‍ර ලංකා ජාතික සාම මණ්ඩලය එහි රට පුරා කි‍්‍රයාත්මක වන දිස්ති‍්‍රක්ක මට්ටමේ අන්තර් ආගකමිුක කමිටු 21ක් ප‍්‍රාදේශීය අන්තර් ආගමික කමිටු 12ක් සහ මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන 11ක් හරහා ඔවුන්ගේ ප‍්‍රදේශ වල බලපෑමට ලක් වූ පවුල් සහ සමාජ සුභ සාධන ආයතන සඳහා සහන සැලසීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලදී.

මෙම ප‍්‍රයත්නය තුළින් අඩු ආදායම් ලාභී පවුල් 3,579ක්, ළමා සහ වැඩිහිටි නිවාස වල පදිංචිව සිටින 5,680ක් ළමයින්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයින් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ අබාධිත පුද්ගලයින් සහ කාන්තා ගෘහ මූලික පවුල්වල සාමාජිකයින් ඇතුළු ආන්තික ප‍්‍රජා කණ්ඩායම්වල පවුල් 440ක් සඳහා සහන සැලසීම 2020 අපේ‍්‍රල් 30 දක්වා කි‍්‍රයාත්මක විය. මෙම පවුල් ප‍්‍රධාන වශයෙන්ම සමන්විත වූයේ සුළු හෝ ඉතිරියක් නොමැති දෛනික ආදයම් බිඳ වැටුණු පුද්ගලයින්ගෙනි. කොළඹ දිස්ති‍්‍රක්කයේ සමාජ සුභ සාධන ආයතන 42කට සහ දිවයින පුරා ආයතන 86කට ශී‍්‍ර ලංකා ජාතික සාම මණ්ඩලය හරහා ආධාර බෙදා දෙන ලදී. මානුෂීය කටයුතු වල නිරත වීම මගින් විවිධ ආගමික සහ ජාතීන් ඇතුළත් කණ්ඩාම් සමග වඩා සම්බන්ධ වීම ප‍්‍රාදේශීය මට්ටමේ ස්වෙච්ඡුා ආයතන ශක්තිමත් වීමට උපකාරී වූ අතර ඔවුන් විසින්ම පසු විපරම් කටයුතුවල නිරත වීමට ඔවුන්ව පොළඹවීම සිදු විය.

ආධාර බෙදා හැරීමේ කි‍්‍රයාවලියේ දී පමණක් නොව, විශේෂිත ප‍්‍රදේශ සහ ප‍්‍රජාවන්ට ප‍්‍රමුඛතාවය දීමට උපකාර වන ප‍්‍රතිලාභීන් හදුනාගැනීමේ කි‍්‍රයාවලියටද රාජ්‍ය ආයතන සහයෝගය ලබා දීම සතුටට කරුණකි. සිවිල් සංවිධාන කි‍්‍රයාත්මක කරන ලද සහන ප‍්‍රයත්නයන්ගේ බලපෑම උපරිම කිරීමට සහ දරුණු ලෙස පීඩාවට පත් වූවන්ගේ දුක් වේදනා අවම කිරීම සඳහා එම සහයෝගීතාවය ප‍්‍රයෝජනවත් විය. මෙම වසංගත තත්වය නිසා විවිධ ජන කණ්ඩායම් අවතැන් වීම් බහුල වශයෙන් සිදු විය. රැුකියා ස්ථාන වසා දැදැමීම සහ ගම් බිම් බලා යෑම අනිවාර්ය වීම මෙම තත්වයට හේතු විය. මෙය සංක‍්‍රමණික සේවකයන්ට ද අදාළ වේ. ඉදිරි කාළය තුළදී අප සමාජය විනිශ්චය වන ප‍්‍රධාන සාධකයක් වන්නේ වෙන රට වල සිට මෙරටට පැමිණීමට බලා සිටින ශී‍්‍ර ලාංකිකයින් සහ අප අතරම සිටින අවම පහසුකම් සහිත ජන කණ්ඩායම් අප විසින් රැුක බලාගන්නා ආකාරය අනුවය. කොවිඞ් 19 වසංගත තත්වය මත පීඩාවට පත් වූ සියලූ ජන කණ්ඩායම් වල ගැටලූ විසදීමට රජයේ සහයෝගය සහ නායකත්වය මත ගොඩනැගුණු සමාජීය කැපවීමක් ඇති අඛණ්ඩ වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කරන්නැයි අප ඉල්ලා සිටිමු.

පාලක සභාව
ශී‍්‍ර ලංකා ජාතික සාම මණ්ඩලය ශී‍්‍ර ලංකාවේ ජනවාර්ගික ගැටලූව සඳහා සාකච්ඡුා කරන ලද දේශපාලන විසදුමක් සඳහා කි‍්‍රයා කරන ස්වාධීන සහ පක්ෂග‍්‍රාහී නොවන සංවිධානය කී. සියලූ ප‍්‍රජාවගේ නිදහස, මානය හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන සාමකාමී සහ සමෘද්ධිමත් ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීම එහි දැක්මයි. ශී‍්‍ර ලංකා ජාතික සාම මණ්ඩලයේ ප‍්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ, එහි සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් පාලක සභාව විසිනි. විවිධ තනතුරු නියෝජනය කරන ඔවුන් රටේ සියලූම ප‍්‍රධාන ජනවාර්ගික සහ ආගමික ප‍්‍රජාවන්ට අයත් වේ.